Posted by : GAL_MAINA

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ පෝස්ටුවක් දාන හිතුවා...සම වෙන්න කාලයක් එන්න බැරිවෙච්ච එකට...ඉතින් අද මම ඔයාලට දෙන්නෙ මුකුත් ගැජමැටික් ...එහෙමත් නැථ්තන් අලුත් වැඩ කෑල්ලක් වගේ දෙයක් නෙමෙයි...මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ද ගේම් එකක් ගැනයි කියන්නෙ...මම කියන දෙයක් නෙමෙයි මම පහලින් උපුටාගන්නා ලද පෝස්ටුවක් දාන්නම්..වටිනවා කියලා හිතුන නිසයි දාන්න හිතුවෙ එහෙනම් කියවලම බලන්නකො...හොදනම් සෙට් වෙන්න ඔයාලත්...
Image may contain: text



ලංකාවේ පරිගණක ක්‍රීඩා රසිකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන GTA San Andreas මෙයට කලකට පෙර අන්තර්ජාලයෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග එක්ව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි Multi Theft Auto හදුන්වා දෙන ලදී.
එම ක්‍රීඩාව ලාංකික ක්‍රීඩකයන්ට වඩාත් සමීප කිරීමේ අදහසින් ලංකාවේ තරුණයන් පිරිසක් විසින් වසර 5ක කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන, ලංකාවේ ඇඳුම් පැළඳුම්, හා වාහන එක්කොට ප්‍රතිනිර්මානයකොට තිබේ.


ගෝල්ෆේස්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන මෙම ක්‍රීඩාවේ Map එක තුල අන්තර්ගත වන අතර ඉදිරියේදී තවත් කොළඹ නගරය ආශ්‍රිත ස්ථාන එයට එක්කිරීමට නියමිතය. එමෙන්ම එම ක්‍රීඩාව තුල අවුරුදු උත්සව, බීච් පාටි වැනි ඉසව් සංවිධානය කිරීමත් එම ඉසව් වලින් ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් හට ත්‍යාග ලබාදීමටත් මෙම ක්‍රීඩාවේ නිර්මාණය කළ පිරිස් කටයුතු යොදා තිබේ.
ලංකාවේ අලුත් කාර් මොඩ්ස් එක්ක ඩ්‍රයිව් කරන්න, ජොබ් කරලා සල්ලි හොයන්න, ඒ සල්ලි වලින් කෑම බිම, ගෙවල්, වාහන වගේ තව ගොඩක් දේවල් මිලදී ගන්න, අනිත් කට්ටිය එක්ක චැට් කරන්න කතා කරන්න, අලුත් යාලුවෝ අදුරගන්න, පාටි දාන්න, සිංහල රේඩියෝ අහන්න, යාළුවොත් එක්ක රේස් යන්න, කඳු නගින්න වගේ දේවලුත් එක්ක හිම වැටෙද්දී වාහන එළවන් යන්න, ගංවතුර සුනාමි වගේ ස්වාභාවික විපත් වලට මුහුණ දෙන්න, සොම්බි ඇටැක් වලින් බේරෙන ගමන් යාළුවොත් එක්ක එකතු වෙලා සොම්බින්ව හන්ට් කරන්න වගේ තවත් බොහෝ දේ මෙම ක්‍රීඩාව ඇතුලතදී ලංකාවේ බොහෝ පිරිසක් සමග ඔබට අත් විඳීමට හැකියි.
ගේම් ප්ලේ වීඩියෝ එක නරඹන්න පහතින් 
ඔබේ සතුව San Andreas නොමැතිනම් පහල තියෙන ලින්ක් එක මගින් ගේම් එක Download කරගන්න. (671MB)
http://redir.onlinelk.net/dl/sa
ඉන්පසු San Andreas multiplayer play කිරීමට අවශ්‍ය වන MTA Software එක මෙතනින් Download කරගන්න (50MB)
http://redir.onlinelk.net/dl/mta
මුලින්ම San Andreas ගේම් එක install කරගෙන ඉන් පසුව MTA Software එක install කරගන්න.
ඉන්පසු MTA සොෆ්ට්වෙයා එක Open කරගෙන එහි Server browser ක්ලික් කර පහල ඇති Server Address වලින් ඕනෑම එකක් copy කරගෙන address bar එකේ Paste කර (Ctrl+V) දකුණු පස තිබෙන Connect Button එක ප්‍රෙස් කරන්න..
Server Addresses
Freeroam Server – mtasa://mta.onlinelk.net:22003
– මේ Server එකට පැමිණියාම තමයි ලිපියේ සඳහන් කරලා තියෙන දේවල් ඔයාලට අත්විඳගන්න පුළුවන් වෙන්නේ… ඒ වගේම F1 key එක එබීම මගින් ඔබට අවශ්‍ය වාහන, ස්කින්, වැනි දේවල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. F9 key එක එබීම මගින් හෙල්ප් පැනල් එකට ගිහින්  ප්ලේ කරන විදිය ගැන වැඩිවිස්තර බලාගන්න පුළුවන්.
Stealth Server – mtasa://mta.onlinelk.net:22004
– මේ Server එකට පැමිණියාම ඔයාට තියෙන්නේ ඔයාල හැමෝම දන්න COD වගේ Team දෙකකට බෙදිලා වෙඩි තියාගන්න.. එකේදී හොඳම Shooter Rank වෙනවා වගේම අවුරුද්දට කිහිපවතාවක් පවත්වන Stealth Tournament වලින් ජයග්‍රහණය කරනු ලබන Team වලට තෑගි ප්‍රදානය කරන්නත් මේ අය කටයුතු කරනවා.
Multi Mission Server – mtasa://mta.onlinelk.net:22005
– මේ Server එකට පැමිණෙන ඔයාලට පුළුවන් වෙනවා රේසින් ගේම්,Shooting ගේම්, Capture the Flag, Flight Racing වගේ ගොඩක් වර්ගවල gaming අත්දැකීමක් ලබාගන්න.
Server එකට සම්බන්ද වන පළමු අවස්ථාවේදී පමණක් මැප් එක හා අනෙකුත් දේවල් ඇතුලත් ඩේටා ෆයිල් එකක් බාගත වනු ඇත. “T” බටන් එක ප්‍රෙස් කිරීම මගින් අනෙක් ප්ලේයර්ස්ලා සමග චැට් කරන්න පුළුවන්. මේ ගේම් එක ප්ලේ කිරීමේදී පැයකට 10-20MB අතර වගේ බොහොම සුළු ඩේටා ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.ඒ වගේම 2G connection එකකින් පවා ලැග්වීමක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.
මෙම පරිගණක ‍ක්‍රීඩාව ඉන්ස්ටෝල්  කිරීම, නිවැරදි ආකාරයට ප්ලේ කිරීම පිළිබද අවබෝධයක් පහත වීඩියෝව නැරඹීමෙන් ලබාගත හැක.
මෙම පරිගණක ‍ක්‍රීඩාව සම්බන්ධව වැඩි විස්තර ඔබට පහත ලිපින ඔස්සේ දැනගත හැක.
SLMTA Facebook Fan page – https://www.fb.com/MultiTheftAutoSanandreas
SLMTA Facebook Group – https://www.facebook.com/groups/mtasa
Viber Public Chat – http://chats.viber.com/mtasa
Support Email – support@online.lk

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -