Posted by : GAL_MAINA

යුද්ධය ජීවිත හා දේපළ විනාශ කර දමන අමිහිරිතම අත් දැකීමකි. නමුත් ඒ අමිහිරිත මතකයන් අතුරින් යුද්ධයේ අතුරු නිමැයුමක් ලෙස ලොවට දායාද වු අනර්ග නිපැයුම් නැතුවාද නොවේ. ඔබ මා දන්නා සත්‍යයක් නම් වර්ථමානයේ වුවද භාවිතා වන ෆොක්ස්සොගන් රථය අමිහිරි යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ නිමැයුමකි.


1960  ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි.

අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network
 යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය.

1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය කළ අතර මෙහි සේවය නොමිලේ ඇමෙරිකාණු අධ්‍යාපන ආයතන වලට පිරි නැමුණි. ඒ හා සමඟම ප්‍රාදේශීය වශයෙන් පරිගණක ජාල ඒකාබද්ධ කිරීමක්ද සිදුවිය.

NSFNET වසර 5 කට පසු එනම් 1990 දී පමණ ටීම් බර්නස් ලී නම් තරුණ විද්‍යාඥයා ලෝකයේ ඇති සියළු පරිගණක එක් ජාලයකින් සමන් විය යුතු යැයි සිතූ සිතුවිල්ල සැබෑවිය. ඒ අනුව යමින් www හෙවත් World Wide Web යන අපූර්ව සිතුවිල්ල ලෝකයට දායාද විය.

වර්තමානයේ මෙම අන්තර්ජාලයේ පාලකයා ලෙස කටයුතු කරනුයේ World Wide Web Consortium ආයතනයයි. ලාභ නොලබන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙහි නඩත්තුව AT&T, Sun Micro system, Oracle Inc, Adobe System Inc, Microsoft Corporation ආදී වු ලොව ප්‍රධාන පෙලේ මෘදුකාංග ආයතන විසින් දරනු ලබයි.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -