Posted by : GAL_MAINA




 ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ. root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක් දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක ටිකක් අමාරු වැඩක්.
ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි.



හැබැයි තව එකක් මේ වැඩේ හරියන්නෙ samsung galaxuy වර්ගයේ phone වලටයි. අනික් ඒවා ගැනනම් මම දන්නෙ නෑ හැබැයි මොකටත් ඒ අයත් මේක උත්සහ කරල බලන්න හරිගියොත් comment එකක් දාල අනික් අයත් එක්කත් බෙදාගන්න.

post එක ටිකක් දිග උනාට අමාරු වැඩක් නෙමේ post එක ටිකක් දිග උනේ මේකෙ කොටක් 02ක් තියනවා
01.Phone එක root නොකර සිංහල දැමීම.
02.Phone ඒකෙන් සිංහල type කිරීම.

01. අපි එහෙනම් බලමු root නොකර සිංහල දාන්නෙ කොහොමද කියල.

පියවර 01 -  අපිට ඉස්සල්ලම මේ සදහා Fontomizer SP කියන App ඒක ඕන වෙනවා
ඒ සදහා පහතින් දීල තියන link එකෙන් Google play එකට ගිහින් සාමාන්‍ය පරිදි App එක phone එකට Install කරගන්න.


https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP&hl=en&pli=1
මේ app එක මේවට වැඩ කරනවා.

Galaxy S

Galaxy S2

Galaxy S3

Galaxy Ace,Y

Galaxy Mini

Galaxy Note

Galaxy Note 2

and most Samsung Galaxy Series

+ Motorola Razer M


පියවර 02-දැන් App එක Opan කරන්න එතොකොට පහත ආකාරයට තියනවා.


දැන් එහි යම් තැනක පොඩි ටච් එකක් දාන්න එතකොට පහත ආකාරයට එනවා.



දැන් ඒකෙත් කොහෙ හරි ටච් කරන්න.

එතකොට website එකකට යනවා මොකක් හරි web browser එකක් තෝරල website එකට යන්න
මේ ආකාරයට website එක එයි.


පියවර 03 -  ඕකෙ w අකුර යටතේ තියනවා WIKI_ANDROID කියල font එකක් ඒක තෝරන්න. (ඉහත රූපය බලන්න)
එතකොට ඒක download වෙයි, ඒක download වෙලා ඉවර උනාම ඒකත් Install කරන්න.

දැන් තියෙන්නෙ අවසාන පියවර
පියවර 04 -  දැන් යන්න Home screen එකට හිහින්

Menu > Settings > Display > Font Style
 

එතකොට wiki android කියන font එකත් ඒ list එකට ඇවිත් තියෙයි පහත ආකාරයට; එතනින් WIKI_ANDROID කියන FONT එක තෝරන්න එච්චරයි.



දැන් ගිහින් බලන්න සිංහල තියන website එකකට ගොඩ නේද.




මට මේක දාගන්න විදිය ගැන ඔයාලට සරලවම කියල දෙන්න පුලුවන් උනා කියල මම හිතවා.
මෙමෙ පියවර කිහිපය අනුගමනය කර ඉතාම පහසුවෙන් ඔයාගෙ Galaxy Android phone එකට සිංහල දාගන්න පුලුවන්.


හරි දැන් සිංහල දාගත්තා ඒක එච්චරයි  අපි දැන් බලමු
02. phone එකෙන් සිංහල Type කරන විදිය.


ඒ සදහා අපිට ඕන වෙනවා Helakuru Sinhala Keyboard+IME කියන App එක ඒක පහත  link එකෙන් Google Play එකට ගිහින් ඔබේ  phone එකට install කරගන්න.




https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&feature=search_result#?t=W251bGwsMSwyLDEsImxrLmJoYXNoYS5oZWxha3VydSJd




Menu > Settings > language and input   වලට යන්න ගිහින් Helakuru කියන එකටත් ටික් එකක් දාන්න. පහත රූපයේ විදියට.



දැන් සිංහල type කරන්න ඕන වුනාම type කරන Area එකේ  tap කරන්න (ටච් කරගෙන ඉන්න)
( jelly bean තියන අය tap කරන්න ඕන නෑ type කරන්න ගියාම notification bar එකට icon එකක් එනවා ඒකෙන් තෝරන්න) එතකොට එනවා input method එක තෝරන්න පහත තියන විදියට.


input method එක Helakuru දෙන්න එතකොට එනවා සිංහල type කරන්න පුලුවන් keybord එකක් ඒකෙ සිංහල තෝරල සිංහලෙන් type කරන්න පුලුවන්.

එහෙනම් මේ post එක ඉවරයි. ඔයාලගෙ අදහසත් පහලින් දාල යන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -