Posted by : GAL_MAINA
දැන් හැම තැනම හොර Copy වැහි වැහැලා. Samsung, HTC, Sony, LG සමහර ඒවා දැක්කම කොහොමවත්ම අදුනගන්න බෑ. දන්නේ නැතුවම විසිදාහක්, තිස්තාහක් වැඩිපුර දීලා copy එකක් අරගෙන.
මේක දැනට ලංකාවේ අලුතෙන් Phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් කාලීන ගැටළුවක්. මේකෙන් Phone වගේම Pad වලටත් check කරන්න පුළුවන්.
මොකද්ද හොර copy වල වෙනස?
සමහර වෙලාවට camera quality සමාන වෙන්න පුළුවන්.
හැඩය 100% ක් සමාන වෙන්න පුළුවන්. Memory වගේම සමහර ලොකු features වුනත් සමාන
වෙන්න පුළුවන්.
එහෙමනම් කොහොමද හොද එක හදුනාගන්නේ?
1. ඒකෙ තියන දේවල් බාහිරව බලා හදුනා ගැනීමෙන්.
2. Software එකකින් Original එකක් සමග සංසන්දනය
(compare) කිරීමෙන්.
1 වෙනි විදියට හදුනාගන්න හැටි මට call එකක්
දුන්නම කියන්නම්. අද කියන්න යන්නේ 2 වෙනි method 1. මේක ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් එකක්.
මේකට අපි මුලින්ම Internet connect වෙලා Play
Store එකෙන් “Antutu Benchmark” App 1 download කරගන්න ඕනේ.
ඔයාලට බලාගන්න පහසු වෙන්න මගේ Phone 1 න් ගත්ත
Screen shot ටිකක් දාලා තියනවා.
එහෙම නැත්නම් මෙතනින් App එක Download කරගෙන
ඔයාගේ Phone එකට දාගන්න. ඊට පස්සේ ඔයාට Phone 1 ගන්නකොට ඒ Phone එකට මේක Bluetooth
වලින් දාගෙන install කරන්න පුළුවන්නේ.
Download App (10MB)
දැන් Phone 1 Restart කරන්න.
දැන් software 1 open කරලා Test button එක click
කරන්න. (මම මේක කලින් කල නිසා මගේ තියෙන්නේ Test again කියලා)
දැන් එන window එකෙනුත් Test දෙන්න.
දැන් ඔයාට දකින්න පුළුවන් 1% න් පටන්ගෙන test
එකක් යනවා. මේකෙන් කරන්නේ Original 100% complete phone එකක් (හෝ pad එකක් )එක්ක
ඔයාගේ එක compare කරන එකයි.
මේ test එකේ අතරමගදී ඔයාට මේ වගේ ඒවත් දකින්න පුළුවන්.
100% ඉවර වුනාම මෙහෙම එකක් වැටේවි. එතකොට test එක
ඉවරයි. දැන් result බලමු.
මෙතන My device කියන එකක් එක්ක ඔයාගේ phone එකට
අගයක් එනවා. දැන් Details වලට යන්න.
මෙතැන තියනවා CPU, RAM, 2D, 3D වගේ හැම දෙයකම හරි විස්තරේ තියනවා.
කොරියන් (Fake) එකේ වෙනස...
· ඒවගේ CPU එක ගොඩක් අඩුයි.
·
RAM එක අඩුයි.
දැන් ආයෙත් මුලට ගිහින් “Ranking” Tab එකට යන්න.
දැන් එතනම යට තියන “Ranking List” කියන එකට යන්න.
එතන ඔයාගේ Phone model එක තියනවද කියල බලන්න.
තියනවනම් ඒකට ඉස්සරහ තියන “Compare” වලට යන්න.
දැන් ඔයාට පෙනේවි Original Phone එකත් එක්ක ඔයාගේ
Phone 1 Compare කරලා තියන List එකක්. ඔයාට පේනවා ඇති සමහර Features ඔයාගේ එකේ
අඩුයි කියලා. ඒත් සමහර Features ඔයාගේ වැඩිපුර තියෙන්න පුළුවන්.
ඒ වගේම “Device Info” Tab එකට ගියොත් Phone 1
Sensors, CPU,RAM, EMI, Memory, Display, Battery, Camera, Software version වගේම
හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. මේවා study කරලත් ඔයාට කියන්න පුළුවන් මේක
Originalද කියලා.
සැලකිය යුතුයි:
·
Original Phone (Pad) වල වුවද පෙන්වන්නේ 20%ක්
දක්වා අඩු අගයකි. (සාමාන්‍ය අගයෙන් 80% ක්)
Ex: S4 phone 1 Original අගය 27,435 කි. නමුත් අපට Original phone 1 ලෙස 27,435*80%
= 21,948 වුනත් පිළිගන්න පුළුවන්. මීට වඩා තව පොඩ්ඩක්
අඩු වුනත් කමක් නෑ. එහෙම එකක් තියනවනම් අවුලක් නෑ ඒක හොද එකක්. කවදාවත් අපිට ඒ
Value එකම තියන Phone එකක් හොයන්න අමාරුයි.
·
කොරියන් Phone වල වුවද 1st Quality යනුවෙන් වර්ගයක්
ඇති අතර එය Original වර්ගයකි. International එකෙහි ඇති සෑම දෙයක්ම එහි ඇත. Made in
China වලටද එසේම වේ. ඒ නිසා Phone 1 made country එකෙන් හැම දෙයක්ම කියන්න බෑ.....
ඔයලගෙ අදහස් මට ගොඩක් වැදගත් ඒක නිසා කොමෙන්ටුවක් කොටල යන්න අමතක කරන්න එපා යාලුවනේ ..............
Related Posts :
- Back to Home »
- Phone වැඩ »
- Android Phones ,Pad ඔරිගිනල්ද? කොරියන්ද? කියලා බලමු...
thank u...
ReplyDeletewelcome :)
Deleteelaz mchn.Thanks.(Anuhas)
ReplyDeleteur wlcm mcn
Delete