Posted by : GAL_MAINA
මෙසේ සිදු වීමට හේතු කිහිපයක්ම බලපානු ඇත. ඔබේ පරිගණක තිරයේ ද මේ පණිවිඩ දිස්වේ නම් ඒ පහත සඳහන් හේතු නිසා විය හැකි ය.
1. පරිගණකය Boot වීමට bootable නොවන මාධ්‍යයක් තිබීම.
මෙම පණිවිඩය බොහෝ විට දක්නට ලැබෙනුයේ පරිගණකයේ boot නොවන එනම් ප්‍රධාන වශයෙන් Non bootable - Floppy disk, CD-Rom ඇතුලු memory stidk, USB drivers, camera, Ipaod, Iphone වැනි දේවල් පරිගණකයට සම්බන්ධ කර ඇති විටය. එවැනි දේ පරිගණකයෙන් ඉවත් කිරීමට වග බලා ගන්න.
තවද, Windows XP, 2000 වැනි CD භාවිතයෙන් install කිරීමේ දී මෙම පණිවඩය දිස් වේ නම්, සැලකිලිමත් විය යුත්තේ BIOS Setting නිසි ලෙස සකසා තිබේ දැයි යන්නයි. මේ සඳහා CD-Rom භාවිතයෙන් install කිරීමට පෙර First Boot Device ලෙස CD- Rom එක සැකසීමයි.
2. පරිගණකයේ Hard Disk එක නිසි පරිදි BIOS යටතේ සකස් කර නොතිබීම.
මෙහි දී සැලකිලිමත් විය යුත්තේ BIOS Setup එක යටතේ hard disk එක නිසි පරිදි සකස් කර ඇත්ද යන්නයි. එසේ BIOS Setup හී යම් වැරැද්දක් ඇත්නම් ද මෙසේ සිදු වීමට පුළුවන.
3. NTDLR හා NTDETECT.com යන files දෙකෙහි දත්තයන් විනාශ වී තිබීම.
ඔබ Windows XP භාවිතා කරන්නෙක් නම් ඉහත ගැටළුව සඳහා පහත සඳහන් පියවරවල් අනුගමනය කරන්න.
- ඔබේ පරිගණකයට Windows XP bootable CD එකක් ඇතුල් කරන්න.
- ඉන්පසු Press any key ti boot from the CD යන විධානය ලැබුණු පසු ඊට අනුකූලව ඕනම key එකක් Press කරන්න.
- ඉන් පසු ලැබෙන Windows XP Setup menu එකෙන් "R" key එක ලබා දෙන්න. එනම් දැනට පවතින Windows XP එක අලුත්වැඩියා කිරීමයි.
- ඉන්පසු Windows installation තිරයෙන් "1" key එක හා අනතුරුව Enter key එකත් ලබා දෙන්න.
- දැන් පිවිසෙන්නේ password ලබා දිය යුතු තිරය වෙතයි. ඒ සඳහා Administrator Password ලබා දෙන්න.
- දැන් NTLDR හා NTDETECT.com යන file දෙක CD එකෙන් hard disk එකෙන් copy කරන්න. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න. මෙහි "e" අකුර වෙනුවට ඔබේ CD- Rom එකට අදාළ අකුර සඳහන් කරන්න.
- copy e.\i386\ntldr c:\
- copy e.\i386\ntdetect.com c:\
4. boot.ini fil නිසි ස්ථානයේ නොතිබීම.
ඔබ Windows XP භාවිතා කරන්නෙක් නම් මෙම boot.ini file එක edit කර එම දත්තයන්ගේ වෙනසක් ඇතනම් ඒවා සකස් කර ගැනීමෙන් ද මෙම දෝෂය මඟ හරවා ගත හැකිය. නමුත් ඒ සඳහා boot.ini file එක ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය.
5. පරිගණකයට අලුතින් Hard Disk එකක් එකතු කරන්නට යාමේ දී
පැරණි Hard Disk එක තිබිය දී නැවත පරිගණකයට අලුතින් Hard Disk එක්ක සවිකරන්නේ නම් එම Hard Disk එක හිස් ඒසේත් නැත්නම් එයට කළින් Windows ස්ථාපනය නොකළ එකක් විය යුතුය. එසේ නොවුනහොත් NTLDR Error විය හැකි ය.
6. තවද ඔබ භාවිතා කරන Windows Version වල files විශාල වශයෙන් විනාශ වී තිබීම.
මෙහි දී කළ යුත්තේ ඔබ බාවිතා කරන Windows CD එක හොඳ තත්වයේ තිබේ දැයි සොයා බැලීමයි. එම නිසා සෑම විටම භාවිතයට සුදුසු තත්වයේ ඇති CD එකක් install කිරීමට වගබලා ගන්න.
7. තව ද, IDE/ EIDE/ SATA යන Hard
Disk කේබල් කැඩීයාම නිසා හෝ එම කේබල් හරි හැටි පරිගණකයට සම්බන්ධ වී නොතිබීම
නිසා ද මෙම දෝෂය ඇති වේ.
8. USB Keyborad එකක් BIOS යටතේ ක්‍රියාත්මක නොවේ නම්, Enable නොහැකි අවස්ථා වලදී ද මෙම දෝෂය ඇති වේ.
මේ අතරින් ඔයාගේ ගැටළුවට පිළියමක් ඇත්නම් එය නිවැරදිව අනුගමනය කර ඔයාගේ ගැටළුව නිරාකරණය කර ගන්න. හැමෝටම ජය...!!!