Posted by : GAL_MAINA

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් root කරනවා කියන්නේ කුමක්ද ? සහ එය කිරීමෙන් ලැබෙන වාසි

අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් මිලදී ගත්ත කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ root කරනවා කියන්නේ කියන එක. මම මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්න යන්නේ අන්න එම කරුණ පිළිබඳවයි.

Root කරනවා යනු කුමක්ද ?

Android rooting යනු smart phones, tablets භාවිතා කරන users ලා සඳහා Android's subsystem එක පාලනය කිරීමට සම්පූර්ණ අවසරය ලබා දීමයි. මෙම root කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සමහර දුරකථන නිපදවන සමාගම් වලින් එය භාවිතා කරන පුද්ගලයාට පනවා ඇති සීමා ඉවත් කර ඔහුට සියලු පාලනයන් කිරීමේ පූර්ණ අවසරය ලබා දීමයි. මෙම ක්‍රියාවලියෙන් පසුව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ කිසිඳු වෙනසක් කිරීමකට භාජනය කල නොහැකි System Apps , System settings එය භාවිතා කරන පුදුගලයාට පහසුවෙන් තමන් කැමති ආකාරයට වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම administrator-level අවසරය අවශ්‍ය වෙන විශේෂිත Apps දුරකථනයෙහි run කිරීමටද අවස්තාව හිමිවෙනවා. root නොකරන ලද දුරකතනයක් භාවිතා කරන කෙනෙකුට කිසිසේත් කිරීමට අවසරයක් නොමැති කාර්යන් root කරන ලද දුරකතනයක් භාවිතා කරන කෙනෙකුට කිරීමට අවසරය හිමි වෙනවා

Root කිරීමෙන් ලැබෙන වාසි

බොහෝ පිරිසක් දන්නේ නැහැ root කරනවා කියන්නේ මොකක්ද කියලා. ඒවගේම root කරපු දුරකතනයකින් කරන්න පුළුවන් මොනවද කියල දන්නෙත් නැහැ.මේ පහතින් දිස් වෙන්නේ දුරකතනයක් root කිරීමෙන් පසුව ඔබට ලැබෙන සමහරක් වාසි සහගත දේවල් පිළිබඳවයි.

1. Custom Software (ROM’s)
ඔබට superusers rights හිමිනම් ඒ කියන්නේ ඔබට custom roms ඉන්ස්ටෝල් කිරීමට පුළුවන්. custom rom එකක් කියල කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලම version එකක් තමයි. නමුත් එම rom එක ඇන්ඩ්‍රොයිඩ් developers ල විසින් ඔවුන්ට කැමති විදියට ඔවුන් විසින්ම වෙනස් කිරීම් වලට භාජනය කරගත් එකක්. අන්න ඒ වගේ roms ඔබ භාවිතා කිරීමෙන් ඔබට සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් user කෙනෙක්ට කිසිසේත් අත්විඳිය නොහැකි පහසුකම් අත්විඳීමට ඔබට අවස්තාව සැලසෙනවා..උදා හරණයක් විදියට ඒ විදියට devolop කරගත්ත rom එකක icons වල වර්ණය, app menu, app dock වෙනස් කරගන්න පුළුවන්.

2. Custom Themes
root කරගත් දුරකතනයක සෑම Graphic කොටසක්ම customize කර ගැනීමට හැකියාව තිබෙනවා. සම්පූරයෙන්ම වාගේ ඔබගේ දුරකථනයෙහි පෙනුම වෙනස් කල හැකි මෙවැනි themes දහස් ගණනක් අන්තර්ජාලයෙහි තිබෙනවා.

3. Cool Applications
Root කරපු දුරකථන වල පමණක් වැඩ කරන apps විශාල සංක්‍යාවක් දැනටමත් අන්තර්ජාලයෙහි තිබෙනවා. උදාහරණයක් විදියට screenshot apps, Overlocking apps, ROM Manager, Wireless Tether for Root Users, Root Explorer, Titanium Backup මෙන්න මේ වගේ ගොඩාක් වටිනා apps තියෙනවා.

4. Speed and Performance
අපි හැමෝම වගේ දන්නවා android මෙහෙයුම් පද්දතියකින් සමංවිත smart phone එකක processor එකෙහි වේගය සහ කාර්යක්ෂම තාවය පිටුපස ඉන්නේ kernels බව. ඉතින් kernels version එක වෙනස් කරගන්න පුලුවන්නම්, දුරකථනයෙහි වේගය සහ කාර්යක්ෂම තාවය වැඩි කරගන්න පුළුවන්.

5. Increasing Battery life.
battery යෙහි ආයු කාලය දිගුකරගත හැකි root කරපු දුරකථන සඳහා පමණක් විශේෂයෙන්ම නිර්මාණය කරපු apps භාවිතා කරලා දුරකථනයෙහි battery යෙහි ආයූ කාලය දිගු කරගැනීමට පුළුවන්.

6. Installing Unsupported apps
ඔබගේ දුරකථනය සඳහා සහයෝගය නොදක්වන apps විශාල සංක්‍යාවක් තිබෙනවා. එම apps පවා ඔබට ඉන්ස්ටෝල් කිරීමට හැකියාව ලැබෙනවා root කිරීමෙන් පසුව. එය සඳහා build.prop කියන file එක edit කරන්න සිදුවෙනවා. එය කල හැක්කේ root කල දුරකතනයකම පමණයි.

7. Backing Up your device.
root කරපු දුරකථනයකට custom boot loader එකක් ඉන්ස්ටෝල් කිරීමෙන් nandroid backup එකක් සාදා ගැනීමට පුළුවන්.එම සාදා ගත් backup එක restore කිරීමේදී ඔබගේ දුරකථනය backup කරන මොහෙතේ පැවතී වේගය, කාර්යක්ෂමතාවය, ඒවගේම ගබඩා කොට තිබු දේවල් ඒ විදියටම නැවත ලබා ගන්න පුළුවන්.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් root කිරීමෙහි ඇති අවාසි

1. Bricking
වැඩි දෙනෙක් root කිරීමට බියවි සිටින්නේ මෙම හේතුව නිසා.bricking කියල කියන්නේ දුරකතනයෙහි software වලට දැඩි ලෙස හානි වීමට ඇති හැකියාවයි. එම හේතුව නිසා ඔබගේ දුරකථනය පෙර තිබු පරිදි නිවැරදිව වැඩ කිරීමට නොහැකි වී. එම phone එක වැඩක් නැති දෙයක් බවට පත් වීමට පුළුවන්.

2. Loose Warranty
root කිරීමෙන් පසුව එම දුරකථනය නිපදවපු සමාගම ඔබගේ දුරකතනයට තව දුරටත් වගකියනු නොලැබේ, නමුත් දැන් එම root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් බව මතක තබා ගන්න.

3. Malicious Software
root කරපු දුරකථන සඳහා තිබෙන සමහර apps virus බෙදා හරිනවා. worms, viruses, spyware and Trojans වගේ දේවල් තමයි මේ විදියට පැමිණෙන virus. ඒ විදියට එන virus ඔබගේ දුරකතනයේ anti virus app එකෙන් සොයන්නේ නැහැ.

ඔබ මෙම ලිපියෙන් වැදගත් යමක් දැනගත්තානම් comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -