Posted by : GAL_MAINA

එදිනෙදා පරිගනක භාවිතයෙදී අවශ්‍ය කරනවාට වඩා වැඩි වේගයකින් පරිගනක උපාංග ක්‍රියාත්මක කරවීමට තිබෙන උපක්‍රමයක් වෙන්නේ ප්‍රොසෙසරයේ විධාන දෙන වේගය හෙවත් clock speed එක වැඩි කිරීමයි. මෙය ඕවර්ක්ලොක් කිරීම ලෙස හැදින්වේ.

පරිගනකයේ දත්ත සැකසීම (data pocessing)  සදහා අවශ්‍ය උපදෙස් processor එක තුලින් නිකුත් වන්නේ නිශ්චිත සංඛ්‍යාතයකට අනුවය. ක්ලොක් ස්පීඩ් එක මගින් නිරූපනය වන්නේ එයයි. මෙය මනිනුයේ තත්පරයකදී සම්පූර්න කෙරෙන වක්‍ර ගණනින් හෙවත් මෙගා හර්ට්ස් (MHz) වලිනි.

පරිගනකයේ සියලු උපාංග ප්‍රොසෙසරයේ මෙම clock speed  එක අනුව ක්‍රියාත්මක විය යුතුය. එනිසා ram, vga යනාදියද මවුපුවරුවේ වෙනත් chip ද clock speed එකට ගැලපිය යුතුය.

සාමාන්යෙන් පරිගනකයක් ක්‍රියාත්මක වන්නේ නිශ්පාදකයා විසින් ලබා දී ඇති clock speed එකෙනි. එහෙත් මන් අද කියල දෙන උපක්‍රමයින් එම clock speed එක වැඩි කොට පරිගනකය වේගවත් කල හැක.
සැම විටම ප්‍රොසෙසරය ඕවර්ක්ලොක් නොකල යුතුය. එමගින් ප්‍රොසෙසරය පමණට වඩා වෙහෙසට පත් වන බැවිනි.

ප්‍රොසෙසරය ඕවර්ක්ලොක් කිරීමට කලින් දැනගත යුතු වදගත්ම කරුන වන්නේ දැනට ප්‍රොසෙසරයේ තිබෙන වේගයයි. එය දැන ගැනීමට Start > Run (windows key + R) යන්න. එහි Dxdiag ලෙස සටහන් කර enter කරන්න. ඉන් පසු open වෙන DirectX Diagnostic Tool නම් වින්ඩෝවේ System නම් tab එකේ processor නම් ස්ථානයේ ප්‍රොසෙසරයේ වේගය දැක්වේ.
Bios වෙත පිවිසීම  
පරිගනකය ඕවර්ක්ලොක් කිරීමට පරිගනකය මුලින්ම Restart කරන්න. ඉන් පසු එය පන ගැන්වෙන විට Bios වෙත පිවිසිය යුතුයි. මේ සදහා පිවිසීමට ඇති key එක නිශ්පාදකයා අනුව වෙනස් විය හැක. එහෙත් බොහෝ විට මේ සදහා යොදා ගැනෙනුයේ Delete key එකයි.
       

ප්‍රොසෙසරය ඕවර්ක්ලොක් කිරීම
ප්‍රොසෙසරය ඕවර්ක්ලොක් කිරීමට Bios වඩසටහන තුල ඇති Frequency/Voltage Control යන්න ලබා ගන්න. ඇතැම් Bios වැඩසටහන් තුල මෙය Chipset Features Setup යටතේ දැක ගත හැක.  Frequency/Voltage Control ලබාගත් පසු ප්‍රොසෙසරය ඕවර්ක්ලොක් කිරීම CPU Host Clock Control නම් පහසුකම Enable කරන්න. මෙය සැකසීමෙන් පසු CPU Clock නම් කොටස සක්‍රීය වෙයි. එහි දැනට ඇති Clock Speed එක දැක ගත හැකිය. මෙය වෙනස් කිරීමට CPU Clock යන්න click කර Enter කරන්න.
එවිට තවත් window එකක් open වන අතර ඒ තුල Clock Speed එක සැකසිය හැකි පරාසය දැක ගත හැක. දැන් Key in a DEC Number නම් ස්ථානය තුල ඉහත කී පරාසය ඇතුලත Clock Speed එක වැඩි කර ගත හැකිය

මෙලෙස Clock Speed එක වැඩි කල පසු Bios සැකසුම save කල යුතුය. මේ සදහා Esc key එක දෙවරක් click කර මුල් Bios Window එකට පිවිසුනු විට Save and Exit Setup යන්න තෝරා දිය යුතුය.
මෙලෙස වැඩි කල Clock Speed එක පරිගනකයට ඔරොත්තු නොදෙයිනම් පරිගනකය Boot නොවේ. එවිට විදුලිය විසන්ධි කොට මවුපුවරුවේ ඇති බැටරිය ගලවා මද වේලාවක් තබා නැවත බටරිය සවිකොට පෙර පරිදිම ගොස් පෙරට වඩා තරමක් අඩු වේගයක් යොදා පරිගකය Boot කිරීමට උත්සහ කරන්න.
ඕවර්ක්ලොක් කිරීම සාර්ථකනම් සාමාන්‍ය පරිදි පර්ගනකය Boot වෙයි. දැන් නැවත ප්‍රොසෙසරයේ වේගය බලන්න.  ප්‍රොසෙසරය ඕවර්ක්ලොක් වී වේගය වැඩි වී ඇත. 

 Comment කරන්න අමතක වෙන් නැති වෙයි කියල හිතනව.   
  මතක තියාගන්න ඔයා මෙ දෙ කරනකොට සම්පූර්න අගකීම ඔයාඅරගෙන මෙ වැඩෙ කරන්න මොකද මෙක නූලටම කරන්න ඕනා වැඩක්
ඔයාලගෙන් වෙන අත්වැරදීම් වලට මම වගකියන්නෙ නැ :)


මචන්ලා මම මේවා ලියන්න
ගොඩාක් මහන්සිවෙනවා.... ..ඒකට ඉතින් උබලට කරන්න තියෙන යුතුකම තමයි comment එකක් share පරක් දාල පුන්චි sup එකක් දෙන එක..නැතත් කමක් නැහැ..තරහක් නැහැ.

{ 2 comments... read them below or Comment }

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -