Posted by : GAL_MAINA






මම පෝස්ට් එකක් ලියන්නේ ගොඩක් වෙලාවට මට අහන්න දකින්න ලැබෙන දේවල් පදනම් කරගෙන,මේක බලන අයටත් දැනුමට උදවුවක් වෙයි කියලා හිතන නිසා මේ පෝස්ට් එක දානවා  

අපේ කොල්ලෝ ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්න අතරේ ටිකක් එයාල අමාරුවේ වැටිච්ච කාරනයක් ගැන තමා අද මම කතා කරන යන්නේ.එහෙම දෙයක් දාන එකෙන්මෙයාල මේ හරියට දන්නේ නැතුව Phone Root කරන්න වත් Custom rom ගහන්නවත් යන්න එපා. ඉස්සෙල්ල ඒක කියන්න එපැයි.  නමේ තේරුමවත් දන්නේ නැතුව ඔහේ මේව කරන්න ගිහින් හොදට තියෙන Phone එකත් කඩා ගන්නව. මම මේ ලිපියෙන් අද කියන්න යන්නේ ROOT කරන හැටි වත් Custom ROM ගහන හැටිවත් නෙමේ, මේව කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන දේවල් තියෙනව. අඩුම තරමේ ඒ ටිකවත් දැන ගත්තොත් ඔයාල අමාරුවේ වැටෙන්නේ නෑ.


ROOT කිරීමේ වාසි අවාසි 

හරි දැන් එමුකො Custom ROM මේනියාවට 

ලද දෙයින් සතු‍ටු වෙන්න බැරි කෙනාව, මොනා කරලවත් සනසන්න බෑ කියල කතාවක් තියෙනව. ජංගම දුරකතන නිශ්පාදකයින් ඒ ජංගම දුරකතන නිර්මානය කරන්නේ ඒ දුරකතනය තුල වැඩ කරන OS එකට ගැලපෙන විදිහටයි. ඒ වගේම තමා ඒ දුරකතන හදුන්වා දෙනකොටම එයාල කියනව මේ දුරකතන Update කරන්න පුලුවන් සීමාව. දැන් අපේ ගය්යල ටික අය්යල වෙන්න යනව. Jelly Been වෙනකම් Update කරන්න පුලුවන් Phone වලට Kit Kat දානව. දාල අමුතුම ආතල් එකක් ගන්නව. එතකොට දුරකතන සමාගම් වලට වැරදිලාවත්ද, නෑ ඒ අය මේ දුරකතන වලට Update එකක් තීරනය කරන්නේ හැම පැත්තෙන්ම බලල. ඒ අයට පුදුම අවබෝදයක් තියෙන්නේ මේ System එකත්, Hardware Parts ගැනත් ඒවා අතර අන්තර් සම්බන්දතාවය ගැනත්. ඒ සියල්ලම සලකා බලලයි එයාල Update එකක් තීරනය කරන්නේ. නමුත් අපේ අය Update එක තීරනය කරනේ Phone එකට රිංගවන්න පුලුවන් නම් ආන්න Update එක කියල හිතල. මෙන්න මෙතනයි වැරදුනේ. මම දැකල තියෙනව ඒ වගේ දුරකතන ගොඩාක් Slow වෙනව. සමහර Phone තියෙනව Call එකක් එනකොට Stuck වෙනව. ඉතින් Call එකක් වත් ගන්න බැරි Phone එකකින් මොන මගුලක් කරන්නද. සමහර ROM ගහපුවහම Cam එක වැඩ නැතුව යනව. ගොඩාක් ප්‍රශ්න ඒ නිසා Custom ROM ගහන එක එච්චර සුබදායක දෙයක් නම් නෙමේ. 


අන්දන ROM


සමහරු බාල්දි වලින් නානව, එකෙක් මට chat එකේදි කියනව එයා Y එකට Jelly Bean ගැහුවලු. ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද, Galaxy Y එක නිශ්පාදනයේදීම කියල තියෙන්නේ උපරිම Update එක ඉගුරු පාන් (Ginger Bred) වෙනකන් විතරයි කියල,  නමුත් ඊට Version 2ක් ඉදිරියෙන් තියෙන ROM එකක් දැම්මේ කොහොමද, ඇත්තම කතාව මේක Custom Rom එකක් විතරයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ, නිකන් පුට් සයිකලයකට ජේඩ් එකක පෙට්‍රල් ටැංකිය හයි කර ගත්ත වගේ වැඩක් විතරයි. එකෙක්ට පෙනෙයි අරූ ජේඩ් එකක් පදිනව කියල, නමුත් ඇත්තටම පදින එකා තමා දන්නේ කකුල් දෙකේ ඇට කඩාගෙන බයිසිකලේ පාගන්නේ කියල. නිකන් මවා පෑමක් විතරයි, යටින් දුවන්නේ පරන Rom එකම තමා.




Rom එකක් ගහන්න ඉස්සෙල්ල පොඩ්ඩක් හොයල බලන්න ඒ ROM එක කොච්චර දුරකට ඔයාගේ Device එකට ගැලපෙනවද කියල.. ඒකට කරන්න තියෙන හොදම දේ ඒ ඒ Post වලට ලැබිච්ච ප්‍රතිචාර බලන එක. විශේෂයෙන්ම Youtube වල තියෙන ගොඩාක් වීඩියෝ, නොමග යවන්නම හදපුව. ඒව දිහා බලල, ඒ විදියට කරන්න හදන්න එපා.. පොඩ්ඩක් හොයල බලන්න ඒක ඇත්තක්ද කියල.. 

තවත් සමහරු කොරියන් Phone වලට කෙලින්ම International Rom එක දාල කඩා ගත්තු වෙලාවල් මමදැකල තියෙනව... ඒ නිසා පොඩ්ඩක් හොයල බලල මේ වගේ දේවල් කරන්න බලන්න. නැත්තන් වෙන්නේ ඔයාගේ කාලය සහ මුදල් නිකරුනේ විනාශ වෙන එක.

හිතනවා මේ පෝස්ට් එකෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා
…එහෙනම් කට්ටියට ජය ශ්‍රී  

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -