Posted by : GAL_MAINA

 

Facebook නිර්මාතෘ  Mark Zuckerberg මහතා Mobile World Congress 2014 අමතමින් පවසා සිටියේ තවමත් ලොව බිලියන ගනනක් වන අන්තර්ජාල භාවිතාව නොලැබ ඇති පිරිස් වෙතට එම හැකියාව ‍රැගෙන යන්නට තම ආයතනයේ අවධානය යොමුව ඇති බවකි.

පලවන නවතම පුවතක් පවසන්නේ Feacebook  ආයතනය  Titan Aerospace නම් solar-powered drones ඇතුලු එවැනි තාක්ශනයන් දියුනු කරමින් සිටින ආයතනයක් මිලදී ගැනීමක් පිලිබදව කරුනු හදාරමින් සිටින බවකි. අන්තර්ජාල භාවිතාවේදී වැඩිම ඉඩකඩක් ලබාගන්නා භාවිතාවකට අයිතිය පවසන ලොව විශාලතම සමාජජාලාව වන ෆේස්බුක් ආයතනය internet.org නම් ලොව පුරාවට අන්තර්ජාල භාවිතය පැතිරවීම මූලිකව ක්‍රියාත්මක වන  සංවිධානයේ ක්‍රියාකාරී ප්‍රමුකයෙකුද වේ.
මෙම solar-powered drones  යනු සූර්ය බලශක්තිය සමග වසර 5ක් එක දිගටම පියසර කිරීමේ හැකියාවෙන් යුක්ත බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැඩි දුරටත් පවසන්නේ අප්‍රිකාව මූලිකව මෙවැනි උපාංග 11000ක් භාවිතයෙන් වන ව්‍යාපෘතියකට මේ වන විට සැලසුම් වෙමින් පවතින බවකි.

මෙම drones උපකරන satellite ආකාරයේ ක්‍රියාකාරකමක් අඩු මුදලකින් හා පහසුවකින් පෘතුවියේ සිට අඩු උසකින් සිටින ලබා දෙන්නට හැකිවන අයුරින් නිමව ඇති බවයි. මෙහිදී ඔවුන් භාවිතාකරන්නට බලපොරොත්තුවන Solara 50 හා 60 මෝස්තර සමග මුහුදු මට්ටමේ සිට 20Km උසක සිටිමින් මෙම පහසුව ලබා දෙන්නට හැකිවනු ඇති බවට හා දහවල හිරු බලයෙන් හා රාත්‍රියේදී ‍රැස්කර ගන්නා බැටරි බලයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුක්තබවටයි පැවසෙන්නේ.

{ 2 comments... read them below or Comment }

  1. මේ සින්දුව නවත්තන්න විදිහක් නැද්ද බන් :3

    ReplyDelete
    Replies
    1. හි හි නෑ බන් උබලට නවත්තන්නනම් බෑ :D

      Delete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -