Facebook නිර්මාතෘ Mark Zuckerberg මහතා Mobile World Congress 2014
අමතමින් පවසා සිටියේ තවමත් ලොව බිලියන ගනනක් වන අන්තර්ජාල භාවිතාව නොලැබ
ඇති පිරිස් වෙතට එම හැකියාව රැගෙන යන්නට තම ආයතනයේ අවධානය යොමුව ඇති බවකි.
පලවන නවතම පුවතක් පවසන්නේ Feacebook ආයතනය Titan Aerospace නම්
solar-powered drones ඇතුලු එවැනි තාක්ශනයන් දියුනු කරමින් සිටින ආයතනයක්
මිලදී ගැනීමක් පිලිබදව කරුනු හදාරමින් සිටින බවකි. අන්තර්ජාල භාවිතාවේදී
වැඩිම ඉඩකඩක් ලබාගන්නා භාවිතාවකට අයිතිය පවසන ලොව විශාලතම සමාජජාලාව වන
ෆේස්බුක් ආයතනය internet.org නම් ලොව පුරාවට අන්තර්ජාල භාවිතය පැතිරවීම
මූලිකව ක්‍රියාත්මක වන සංවිධානයේ ක්‍රියාකාරී ප්‍රමුකයෙකුද වේ.
මෙම
solar-powered drones යනු සූර්ය බලශක්තිය සමග වසර 5ක් එක දිගටම පියසර
කිරීමේ හැකියාවෙන් යුක්ත බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැඩි දුරටත්
පවසන්නේ අප්‍රිකාව මූලිකව මෙවැනි උපාංග 11000ක් භාවිතයෙන් වන ව්‍යාපෘතියකට
මේ වන විට සැලසුම් වෙමින් පවතින බවකි.
මෙම drones උපකරන satellite ආකාරයේ
ක්‍රියාකාරකමක් අඩු මුදලකින් හා පහසුවකින් පෘතුවියේ සිට අඩු උසකින් සිටින
ලබා දෙන්නට හැකිවන අයුරින් නිමව ඇති බවයි. මෙහිදී ඔවුන් භාවිතාකරන්නට
බලපොරොත්තුවන Solara 50 හා 60 මෝස්තර සමග මුහුදු මට්ටමේ සිට 20Km උසක
සිටිමින් මෙම පහසුව ලබා දෙන්නට හැකිවනු ඇති බවට හා දහවල හිරු බලයෙන් හා
රාත්රියේදී රැස්කර ගන්නා බැටරි බලයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවෙන්
යුක්තබවටයි පැවසෙන්නේ.
Related Posts :
- Back to Home »
- තාක්ශනික පුවත් »
- Facebook ආයතනය drones ඔස්සේ අන්තර්ජාල පහසුව ලබාදීමේ සැලසුමක....
මේ සින්දුව නවත්තන්න විදිහක් නැද්ද බන් :3
ReplyDeleteහි හි නෑ බන් උබලට නවත්තන්නනම් බෑ :D
Delete