Posted by : GAL_MAINA




තවත් සුපිරි post එකක් අරගෙන ඔන්න මම ආවා.

 ( මේ post එක ගැන කියනවා නම් , මේක ලොකු පොඩි බාල මහලු ඕන කෙනෙක්ට ගැලපෙනවා. මොකද අද කාලේ පොඩි එකත් දැන් internet යනවනේ. ඔහොම internet ගියාට අවුලක් නෑ සුපිරි speed එකක් තියෙනවා නම්. නැත්තම් ඉතිං page එකක් load වෙන්න හැට පැයක් යනවනේ :(



මේකට තියෙන එක විසදුමක් තමයි DNS කියන්නේ.
මොකද කියනවා නම්, DNS දැම්ම ම අපේ අන්තර්ජාල වේගය ගොඩාක් වැඩි කරගන්න පුළුවන්.
DNS කියන ඒවා සල්ලි වලට සහ නිකනුත් දෙනවා. අපිට ඉතින්
පාවිච්චි කරන්න පුළුවන් නිකන් දෙන ඒවා විතරයි :(  හික්ස්!!

DNS කියන්නේ Domain Name System කියන එකයි. මෙන්න මේ කියන DNS වලින් කරන්නේ ,


විවිධාකාරයේ වෙබ් අඩවි සහ Domain Names එනම් වසම් නාම කළමනාකරණය කිරීමයි. ඒ කිව්වේ මොකක්ද කියල ඉතාමත් සරල ව කියනවා නම් , ඔයාල ඔයාලගේ browser ( Chrome , Firefox වැනි ) එකේ address bar එකේ මොකක් හරි address එකක් type කලොත්, ඒකට අදාළ IP address එක හොයලා දෙන්නේ මෙන්න මේ DNS වලින් තමයි. මගේ ළග DNS server address 5ක් තියෙනවා.
මට හම්බුණු හොදම සහ ප්‍රධාන ම 5 තමයි මේ....

මේ DNS දාගන්නේ කොහොමද ? මේ DNS ගැන විස්තර වගේ හැමදෙයක් ම,

 මම ටිකෙන් ටික කියන්නම්. එතෙක් ඉවසගෙන ඉන්නකෝ..... :පි

01) Google DNS

නම දැක්කම කස්ටියට අවුල් උනාද මන්දා... හික්ස්!! මේකයි , මම දැන් මේ කියන්න යන DNS server එක ලබා දෙන්නේ Google එකෙන්. මේක තමයි දැනට ලෝකයේ විශාලතම DNS සේවා ජාලය කියලා කිව්වොත් මම හරි. මෙම සේවාව ආරම්භ කළේ 2009දි. එතකොට මේ Google එකෙන් දෙන DNS server එක පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ, මවුන්ටන් වීව් කියන ප්‍රදේශයේ. Google වලින් ලබා දෙන DNS නම් ,

Preferred DNS server : 8.8.8.8
Alternate Dns server : 8.8.4.4

02) OpenDNS

මේක ගැනත් කියනවා නම් , මේකත් හොද speed DNS server එකක්.මේක පිහිටලා තියෙන්නේ නම් , ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස් වල සැන් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ.... මේකේ DNS නම් ,
Preferred DNS server : 208.67.222.222
Alternate Dns server : 208.67.220.220

03) Norton DNS

නම දැක්කම කස්ටිය පුදුම උනාද? Norton කියන්නේ Virus Guard එකක් කියලා කවුරුත් දන්නවනේ. ඔව් එක ඇත්ත. Norton ආයතනයෙන් Virus Guard විතරක් නෙවෙයි, DNS සේවාවත් අපිට දෙනවා. මේක පිහිටලා තියෙන්නේ,  ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ , මෙසා,ඇරිසෝනා,කුපර්ටිනෝ කියන ප්‍රදේශ වලයි. මෙම සේවාව පටන් ගත්තේ නම් 2010. Norton ආයතනයෙන් තුන් ආකාරයක DNS සේවා 3ක් දෙනවා. එනම් ,

                 (a) Norton ConnectSafe 1

                  මේකෙ තියෙන විශේෂත්වය නම්,  malware , phishing සහ spams තියෙන වෙබ් අඩවි auto block                     කරනවා..
                  Preferred DNS server : 198.153.192.40
                  Alternate DNS server : 198.153.192.50

                 (b) Norton ConnectSafe 2

                 මේකෙ තියෙන විශේෂත්වය නම්,  malware , phishing , spams සහ 18+  දේවල් තියෙන වෙබ්                        අඩවි auto block කරනවා.
                  Preferred DNS server : 198.153.192.50
                  Alternate DNS server : 198.153.194.50

                 (c) Norton ConnectSafe 3

                  මේකෙ තියෙන විශේෂත්වය නම්,   malware , phishing , spams , 18+ සහ හුරුපුරුදු නැති,                               අප්‍රසිද්ධ, අනවශ්‍ය යැයි සිතන දේවල් තියෙන වෙබ් අඩවි auto block කරනවා.
                  දැන් මෙහෙමයි, ඔය auto block කරනවා කියලා කිව්වේ ඒවට යන්න බෑ කියන එක නෙවෙයි.                       යන්න පුළුවන්. හැබැයි එවෙලෙට speed එක ගොඩක් අඩු කරනවා. අන්න එකයි අවුල.....
                  Preferred DNS server : 198.153.192.60
                  Alternate DNS server : 198.153.194.60

04) Comodo Secure DNS

Comodo කියන්නෙත් Virus Guard, Web Browser වගේ  ඒවා දීපු තවත් ආයතනයක්. මේක පිහිටලා තියෙන්නෙත් ඇමරිකා එක්සත් ජනපදයේ ම තමයි. මෙහි විශේෂත්වය නම්, phishing, malware සහ  spyware තියෙන වෙබ් අඩවි auto block කිරීමයි.
Preferred DNS server : 8.26.56.26
Alternate DNS server : 8.20.247.20

05) DNS Advantage

Neustar කියලා සමාගමක් තමයි මේ DNS සේවාව පවත්වාගෙන යන්නේ. මේක පිහිටලා තියෙන්නෙ, ඇමරිකා එක්සත් ජනපදයේ , වර්ජිනියා වල ස්ටර්ලින්ග් කියන ප්‍රදේශයේ.
Preferred DNS server : 156.154.70.1
Alternate DNS server : 156.154.71.1

හරි....ඔන්න එහෙනම් මම DNS server 5 කියලා ඉවරයි. දැන් මෙතනින් කැමති DNS server එකක් තෝරා ගන්න එක ඔයාලගේ වැඩක්. දැන් බලමු මේ DNS කොහොමද අපේ computer එකට දාගන්නේ කියලා...මෙහෙමයි.....

ඔයාලගේ desktop එකේ, දකුණු පැත්තේ
icon එකක් ඇති. ඒක click කරලා Open Network and Sharing Center කියන එක click කරන්න.



දැන් අලුතින් open වෙන window එකේ වම් අත පැත්තේ තියෙන Change adapter settings කියන එක click කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]









ඔන්න ඔතන තියෙනවා, ඔයාල මෙච්චර දවසක් ඔයාලගේ computer එකට connect කරපු sim වල නම්. Internet යන්න පාවිච්චි කලේ එක sim එකක් නම් ඔතන එකයි ඇත්තේ. කොහොම හරි ඔයාලා දැන් internet connect වෙලා ඉන්න එක, මෙන්න මේ විදියට නිල් පාටින් පෙන්නාවි. අන්න ඒක උඩ right click කරලා
properties වලට යන්න.


දැන් අලුතින් open වෙන window එකේ Networking කියන tab එකට යන්න. ඒකෙ ඇති Internet Protocol Version 4 (TCP/IPv4) කියලා එකක්. ඒක click කරලා එකේ properties යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් මෙන්න මේ පහළ පින්තූරයේ තියෙන විදියට tick ටික දාලා, Preferred DNS server සහ Alternate Dns server කියන ඒවාට, මම අර කලින් විස්තර කරපු DNS server වලින් කැමති එකක Preferred සහ Alternate අගයන් මේ හිස්තැන් වලට දීල හැම එකක්ම OK කරන්න.




ඔයාලා OK කරගෙන යනකොට ඔයාලට පොඩි message එකක් ඒවි. ඒකත් OK කරන්න. දැන් ඔයාලා ඔයාලගේ internet disconnect කරන්න.

එක දෙයක් මතක තියාගන්න ඕන. ඒ තමයි , ඔයාලා dongle එක computer එකට plug කළාම, dongle එකෙන් dashboard එකක් open වෙනවා. ඔයාල වෙනදා internet connect කළේ අන්න ඒ dashboard එකෙන්. ඒත් DNS දැම්මට පස්සේ එතනින් connect කරලා හරි යන්නේ නෑ. අර ඔයාලගේ desktop එකේ දකුණු පැත්තේ තිබුණු  icon එකක් click කළා මතකද? අන්න ඒක ආයෙත් click කරලා, අපි දැන් DNS දාපු connection එක ඔතන ඇති. ඒක click කරලා, එතනින් internet connect කරන්න. එතන තියෙන connect button එක click කරපු ගමන් window එකක් ඒවි. එකේ Dial කියන එක click කරන්න. ඔන්න ඔහොම තමයි ඔයාල හැමදාම internet connect කරන්න ඕන. වැරදිලා වත්  dashboard එකෙන් connect කළොත්, අර ඉස්සර ඔයාට ලැබුණු speed එකම තමයි ලැබෙන්නේ. ඒක නිසා මම කියපු විදියට connect කරන්න මතක තියාගන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]













හරි... දැන් ඔන්න ඔක්කොම හරි....මොකක් හරි අවුලක් , ගැටළුවක් වුනොත් comment එකක් දාන්නකෝ...!!
ඕං මං ගියා ඈ....කස්ටියට ජය ශ්‍රි!!!!



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -